හෙළයේ මහා සංස්කෘතියකට උරුමකම් කියන, ප්‍රෞඪ ඉතිහාසයක ඓතිහාසිකත්වය, හෙළයේ සැඟවුණු , විශ්මිත දෑ ගවේෂණය කිරීම හා නූතන පරම්පරාවට කරන හෙලිදරව්ව, හෙල රහස්
ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව 2024 පෙබරවාරි මස 06 වන දින මුදල් අමාත්‍යංශයේදී කරන ලද සාකච්ඡාවේදී මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 2025 ජනවාරි මාසය තෙක් කල් තැබිය යුතු බව තීරණය විය.
අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ මෙම ලිපිය මේ වන විට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව මඟින් ක්‍රියාත්මක කොට නැත. මෙම කමිටුව එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නොකඩවා ඉදිරියට ගෙන යාම සිදු කරනු ලබන අතර 2024 මාර්තු 15 දින ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ආයෝජකයින් කැඳවීම නොකඩවා ක්‍රියාත්මක කොට ඇත.
මෙම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ අත්තනෝමතික ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ කුමන කණ්ඩායමකගේ අවශ්‍යතාවයකටද යන්න ලිට්රෝ සුරැකීමේ සංවිධානය විමසනු ලබයි. මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේදී ගන්නා ලද එකඟතා තීරණයන් බල රහිත කිරීමට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට ඇති නෛතික අයිතිය පිළිගත නොහැක. මෙම කරුණ සම්බන්ධව ලිට්රෝ සුරැකීමේ සංවිධානය විසින් ඔබ පාර්ශවයන්ගේ මැදිහත්වීම අපේක්ෂා කොට මෙම ජාතික සම්පත ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
දේශපාලනය ගැන උනන්දු වන බොහෝ දෙනෙක් දන්න කියන දෙයක් තමයි නුදුරේදිම ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතයි කියන දේ.ඒ සම්බන්ධව තාමත් නියමිත දින වකවානු නැතත් ආයෙමත් සැරයක් බලයට එන්නේ කවුද රටට මොකද්ද සිද්ධ වෙන්නේ යන්නේ කියන මේ ප්‍රශ්න වලට බොහෝ දෙනෙක් මේ වෙද්දි දැන් තියාම අවධානය යොමු කරලා.
ඉතින් අන්න ඒ විදිහට රටේ ජනාධිපතිවරණය ගැන ඒ වගේම අනාගත ජනාධිපතිවරයා ගැන හොයන්න උත්සාහ කරන බහුතරයක් අනිවාර්යෙන්ම අහන්න ඕනි කතාවක් ප්‍රවීණ ජෝතිර්වේදී නිමල් මායාදුන්නේ මහතා විසින් සඳහන් කරනවා.
ඔහු සඳහන් කරන විදිහට අනාගතයේදී ජනාධිපතිවරණයේදී රාජයෝගය නිසා ලබනා ජය සක්කරයාටවත් නවත්වන්න බැහැ.ඒ විතරක් නෙවෙයි ඉන් පස්සේ ශ්‍රී ලංකාව ලෝකයේ බලවත් රාජ්‍යයක් වන දිනය වැඩි ඈතකත් නැහැ.
ඉlතින් අත්දැකීම් බහුල ප්‍රවීණ ජෝතිර්වේදී නිමල් මායාදුන්නේ මහතා මේ ආකාරයෙන් අනාවරණය කරන මේ ප්‍රබල අනාවැකිය පිළිබඳව දැනගන්න නම් මුලටම හරිම විස්තරය දැනගන්න පහත වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා.
*අවවාදයයි: මෙම ලිපියේ අඩංගු ඇතැම් කරුණුවලින් ඇතැම් පාඨකයින්ට කම්පනයක් ඇතිවිය හැකි ය.
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගය අද (සැප්. 21) සිඩ්නිහි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණයේදී අවසන් වූ අතර, එහි තීන්දුව මෙම මස 28 වෙනිදා ප්‍රකාශ කිරීමට නියමිත ය. එම චෝදනාව සම්බන්ධයෙන් නඩු විභාගය අද දිනයේ දී සිව්වන දිනයටත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණි.
එහිදී රජයේ අධිචෝදකවරිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ධනුෂ්ක ගුණතිලක මෙම සිද්ධියට පෙර සිටම ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදවුම ඔස්සේ ලිංගික අපයෝජනයට ලක්වූ තරුණිය දිගින් දිගට ම හඹාගොස් ඇතිබව පවසා සිටියාය.
අදාළ තරුණිය විසින් ඔප්පු කළ නොහැකි "කතාවක්" නිර්මාණය කර ඇති බව එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කර ඇත.
නඩු විභාගයේ සිව්වැනි දිනය
පැමිණිල්ලේ දේශනය සිදුකරමින්, ලිංගික හැසිරීම "ඇය බලාපොරොත්තු වූ හෝ ඇයට අවශ්‍යවූ දේට වඩා බෙහෙවින් වෙනස් වූ" බව රජයේ අධිචෝදක ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් විනිසුරුවරයාට පැවසුවේ ය. එම අවස්තාව රළු බව ත්, චූදිතයා විසින් තරුණියගේ කිසිදු ඉල්ලීමකට හෝ සීමාවකට ගරු නොකළ බව ත් එහිදී වැඩිදුරටත් පැවසූ රජයේ අධිචෝදකවරිය, "ඇගේ පැහැදිලි කැමැත්ත" නොතකා කොන්ඩමය ඉවත්කරනු ඇති තැනැත්තෙකුගේ හැසිරීමට ඔහුගේ හැසිරීම "හොඳින් ගැලපෙන" බව ද තර්ක කළා ය.
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ තරුණිය හමුවීමට පෙර අන්තර්ජාලය ඔස්සේ ඔවුන් පැවැත්වූ සම්බන්ධකම ගැන ද අභිචෝදකවරිය විසින් කරුණු දක්වා තිබුණි. එහිදී ඔහු මුණ ගැසීම සඳහා බ්‍රිස්බේන් වෙත පැමිණීමට අදාළ තරුණිය වෙත ගුවන් ප්‍රවේශපත්‍රයක් සඳහා මුදල් ගෙවීමට ධනුෂ්ක ගුණතිලක උත්සහ කළත්, ඇය එය ප්‍රතික්ෂේප කළ බව අධිකරණය හමුවේ ප්‍රකාශ විය. තරුණියගේ නිදන කාමරයේ දී ලිංගිකව එක්විමේ දී ආරක්ෂක උපක්‍රම භාවිතාව සම්බන්ධයෙන් සාකච්ජාවක් පැවති බවත්, එහිදී ධනුෂ්ක ගුණතිලක ඔහු කොන්ඩම් භාවිතා කිරීමට අකමැති නොවන බවට අදහස් දක්වා ඇති බවත් අභිචෝදකවරිය පැවසීය. ක්‍රිකට් ක්‍රීඩකයා කොන්ඩමය ඉවත් කරනු තරුණිය දැක නැතැ යි ද, නමුත් ලිංගික සංසර්ගයෙන් පසු එය බිම දමා තිබෙනු ඇය දැක ඇතැ යි ද මීට පෙර අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කෙරිණි. තරුණිය සැනසීම සඳහා ගුණතිලක පළමුව කොන්ඩමය පළඳිනු ලැබුව ද, ඔහුට එය ඉවත් කිරීමට ඕනෑම අවස්ථාවක දී හැකියාව පැවති බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ අභිචෝදකවරිය ප්‍රකාශ කළා ය.
ඔහු කොන්ඩමය ඉවත් කරනු ඇය නොදැකීමට හේතු වන්නට ඇත්තේ, එම ලිංගික එක්වීම ඉතා අප්‍රසන්න වූ බැවින් එම කාලසීමාවේ දී ඇය ඒ පිළිබඳ අවධානයකින් පසුනොවීම බව අභිචෝදකවරිය පවසා ඇත. පටිගත කරන ලද පොලිස් සම්මුඛ සාකච්ඡාවේ දී මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරණ ක්‍රිකට් ක්‍රීඩකයා, ඔහු කොන්ඩම දෙකක් පැළඳි බවත්, පළමු කොන්ඩමය නිසි පරිදි ක්‍රියා නොකළ නිසා එහි කොන්ඩම් දෙකක් තිබූ බව ත් විමර්ශකයින්ට පැවසීය. මේ දෙවන කොන්ඩමයේ ප්‍රකාශය "හිතාමතා සිදුකළ අසත්‍ය" ප්‍රකාශයක් බව අභිචෝදකවරිය පවසයි. ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතීඥ මුරුගන් තංගරාජ්, කාන්තාවගේ ස්ථාවරය "කාලයත් සමග වෙනස් වී ඇති" බවත්, විවිධ මාතෘකා සම්බන්ධයෙන් ඇය අසත්‍යය සහ ඇයට වාසි අත්වන ස්වයං සාක්ෂි ලබා දී ඇති බවත් පැවසුවේ ය. "පොලිසිය හමුවේ දී, කොන්ඩමය ගැලවී ගිය බවට ඇය කළ ප්‍රකාශය හා ඇය වෙනත් පුද්ගලයින් සමග ඒ සමග සැකයක් පමණක් මතුකිරීම එකිනෙකට පරස්පර" බව පැවසූ නීතිඥවරයා, එම තරුණිය ඇගේ මිතුරන් දෙදෙනෙක් සමග කර ඇති සංවාද පිළිබඳව මෙහිදී කරුණු ඉස්මතු කළේ ය. කාන්තාවට තමා පවසන කතාවට ගැලපෙන ලෙස කරුණු දැක්වීමට නොහැකි වී ඇති බව නීතිඥ තංගරාජ් පැවසුවේ ය.
ඔවුන් දෙදෙනාගේ අන්තර්ජාල කතාබහ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, වෙනත් රාත්‍රියක දී ක්‍රීඩකයා තරගයකින් පසු ඔහු වෙහෙසට පත්ව සිටි බවත්, එම කාන්තාව එම රාත්‍රියේ දී හමුවීමට නොහැකි බවත් එක් අවස්ථාවක කියා ඇතිබව පැවසූ නීතිඥ තංගරාජ්, "ඔහු තරුණිය හඹාගොස් ඇති බවට රජයේ අභිචෝදකයින් කරන චෝදනාවට මෙය නොගැලපෙන" බව ද කියා සිටියේ ය. සේවාදායකයා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව අවධාරණය කළ ඔහු, හුස්ම හිරකිරීම වැනි දෘශ්‍යමාන තුවාල ඇති කරන ආකාරයේ හැසිරීම් සිදුකර අවධානමක් ගන්නේ මන්දැ යි ප්‍රශ්න කළේ ය. මෙම කාන්තාව ඇගේ නිවසට යන ගමනට පෙර සිදු වූ දේ සහ ඇගේ සෝපාව මත දී ඇයව ග්‍රහණයට ගත් බව වන ප්‍රකාශයන් හරහා "ආක්‍රමණශීලි හැසිරීමක් ගැන කතාවක්" නිර්මාණය කළබව නීතිඥ තංගරාජ් පැවසුවේ ය. මෙම නඩුව විභාග කිරීම අදින් අවසන් වූ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන බ්‍රහස්පතින්දා (සැප් 28) සිදුකිරීමට නියමිත ය.නඩු විභාගයේ තෙවැනි දිනය
අධිකරණයේදී පෙර පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණි. එහිදී, ඔවුන් දෙදෙනා තරුණියගේ සෝපාව මත සිප ගැනීමට පටන්ගත් බවත් පසුව ඇගේ නිදන කාමරයේ ලිංගිකව හැසිරුණු බවත් ගුණතිලක පොලිසියට පවසා ඇත.
ඔහුට ලිංගික අතවර චෝදනා කළ තරුණිය පෙර ආත්මයේ දී එකිනෙකා දැන හඳුනාගැනීමක් ගැන කතා කිරීමෙන් පසු එය "ටිකක් අමුතුයැ"යි සිතූ බවත්, ඔහුට බියක්ද දැනුණු බවත් ධනුෂ්ක ගුණතිලක සිඩ්නි අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබේ.
ඉන්පසු ඔවුන් සිදුකළ අධ්‍යාත්මිකත්වය පිළිබඳ සංවාදයක් ධනුෂ්ක ගුණතිලක විස්තර කළ අතර, එම කාන්තාවට අතීත ජීවිත දැකිය හැකියැ යි ඔහුට පැවසූ බව ද ක්‍රීඩකයා සඳහන්කර ඇත.
අද අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ පටයේ, ක්‍රිකට් ක්‍රීඩකයා හඬා වැලපෙමින්, ටිෂු කඩදාසිවලින් ඔහුගේ මුහුණ පිසදමමින්, එම සංවාදය සිත්ගන්නාසුළුයැ යි ඔහු සිතූ බවත් කාන්තාව ශ්‍රී ලංකා සංස්කෘතිය සහ බුදුදහම ගැන දන්නා බව සිතූ බවත් පොලිසියට පවසයි.
එම අවස්ථාවේ දී ඔහු සිනාසෙමින් පෙර ආත්මයක ඔහු කවුදැ යි තරුණියගෙන් විමසූ බව හා එහිදී ඇය පිළිතුරු දෙමින් ඔවුන් දෙදෙනා අසල්වැසියන් බව පැවසීයැ යි ක්‍රීඩකයා ප්‍රකාශ කළේ ය.
"'අපි ඉපදුනේ තායිලන්තයේ. අප දෙදෙනා අසල්වැසියෝ. එයාට ඒක පේනවා,' කියලා ඇය සඳහන් කළා," ඔහු පවසයි.
එහිදී ඔහු බිය වූ බව ධනුෂ්ක ගුණතිලක පොලිසියට පවසා ඇත.
![]() |
නඩු විභාගය සඳහා ධනුෂ්ක ගුණතිලක පැමිණ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කොට තිබු අයුරු |
ඒ වගේම ඒ සම්බන්දය නැතිවෙන්න සමහර විට අපි හිතන්නේ නැති නොගැලපීම් හේතු වෙන්නත් ඇති. ඉතින් අපි අද කියලා දෙන්න හදන්නේ තනිකඩ ඔබට හරියටම හරියන ගැලපෙන සහකරුවෙකු/ සහකාරියක් හොයාගන්න ක්‍රමයක් ගැනයි. හරියටම ගැලපෙන කෙනා ජිවිතයට ආවොත් ආයේ විරහ වේදනා විදින්න ඕනි වෙන්නේ නෑ. ඒ නිසා තමන්ට හම්බවෙන කෙනා තමන්ට හරියනම කෙනාද කියල හොයාගන්නත් මේ ක්‍රමය ඉතාමත් වැදගත් වෙන්න පුලුවන්.